හිත හරියට අහස වගේ

පාට මැකුණු බිඳුණු සිහින
පේළි පේළි අතර මවපු
මුල් මැද අග පැටලැවිච්ච
අමුතු කතාවක්

වියෝ දුකට කවි ගොතලා
වචන අතරෙ ඔබ්බවලා
සමරු පොතක රූල් පුරා
ලියපු කතාවක්

මවපු හීන පොදි සේරම
ගිනි වැදිලා අළු වෙන්නම
වෙන දෑතක පැටලී ගිය
නොලද ප්‍රේමයක්

බිඳුණු හීනවල එති එති
විරහ සුසුම් පා කළාට
කවදාවත් නුඹ අබිසෙස්
නොවිඳි කතාවක්

හිත හරියට අහස වගේ
විපරිණාමේ හරි හරියට
වැසි වසී ද ඉඩෝරය ද
නොමැත නිනව්වක්

සෙව්වන්දි ගමගේ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *