ඉහළ සාක්ෂරතාවක් - ප්‍රබෝධවත් පරපුරක්

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙනවා. සාක්ෂරතාව අපිට සරලව හඳුන්වන්න පුළුවන් ලිවීමට සහ කියවීමට ඇති හැකියාව කියලා. නමුත් වර්තමානය වන විට සාක්ෂරතාව වඩාත් පුළුල් ලෙස විග්‍රහ වෙමින් අර්ථ දැක්වීම්වලට ලක්වෙලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් අපි විශ්වාස කරනවා සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබෙන දරු පරපුරක්, තරුණ පරපුරක් තමයි මේ රටේ දියුණුව සඳහා අවශ්‍ය වෙන්නේ කියන එක. ඒ නිසාම ඔවුන්ට ඉගෙනුම් අවකාශයන් නිර්මාණය කරමින් ඉගෙනීමට අත්වැලක් වෙන්න වසර ගණනාවක සිට බ්‍රැන්ඩික්ස් සමූහය ලෙස අපි කටයුතු කරනවා.

මනුසත්කාර තිළිණ, මනුසත්කාර ශිෂ්‍යත්ව වැනි වැඩසටහන් නිර්මාණය වන්නේ ඉහළ සාක්ෂරතාවකින් යුත් දරු පරපුරක් රටට දායාදා කිරීම වැනි උදාර පරමාර්ථ පෙරදැරිවයි. අපි ඔවුන්ගේ ඉගෙනීමට අත්වැලක් වීම හරහා ඔවුන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීමට දායකත්වය සැපයූ අතර මේ වන විට දහස් ගණනක් දුවා දරුවන්ගේ ඉගෙනුමට සවියක් වෙන්නට අපිට හැකි වී තිබෙනවා. මනුසත්කාර තිළිණ වැඩසටහන ඔස්සේ 43,000කට අධික කුඩා දරුවන් පිරිසකට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහයක් වන්නට අපි කටයුතු කළා. ඒ වගේම මනුසත්කාර ශිෂ්‍යත්ව, මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැනි වැඩසටහන් මගින් උසස් අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන දරුවන්ට ශක්තියක් වෙන්නට අපි කටයුතු කළා.

මීට අමතරව බ්‍රැන්ඩික්ස් ශිල්ප සහ P.A.C.E. වැනි වැඩසටහන් තුළින් අපිට හැකි වුණා අපේ සාමාජික සාමාජිකාවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට සවියක් වන්නට. පොතපත කියවීමෙන් ඔබ්බට ගිහින් සමාජය කියවා ගැනීමට සාක්ෂරතාවක් ඇති කරමින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත පවා ප්‍රබෝධවත් කිරීමට අපට හැකි වීම බ්‍රැන්ඩික්ස් අපේ විශිෂ්ටත්වයයි. අපේ රටේ අනාගතය භාර ගන්න සිටිනා දරු පරපුරත්, තරුණ පරපුරත් ඉහළ සාක්ෂරතාවක් සහිත බුද්ධිමත් පිරිසක් වනු දැකීම අපගේ පරමාර්ථයයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *