ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

ලොව තුළ වාචිකව සන්නිවේදනය සඳහා භාෂාවක් නිර්මාණය වීමට පෙර සන්නිවේදන කටයුතු කෙරී ඇත්තේ සංඥා භාවිතයෙන්. වර්තමානය වන විට භාෂාවන් ඉතා දියුණු තත්ත්වයකට පත් වී වාචික සන්නිවේදනය සිදු කෙරෙන අතර සංඥා භාෂාව ද දියුණු මට්ටමක පවතිනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සංඥා භාෂාව විවිධ පර්යේෂණවලට ලක් වෙමින් දියුණු වෙමින් තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් සමූහය කියන්නේ සැමට සාධාරණව සලකමින් සිය ගමන යන ආයතනයක්. බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතන සෑම එකකම පාහේ විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන් ද සේවයේ නියුතු වෙනවා. ගරු කිරීම යන බ්‍රැන්ඩික්ස් සාරධර්මය අනුව යමින් සැමට එක සේ සලකන බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ එම සාමාජික සාමාජිකාවන් ඉතා නිදහසේ සැහැල්ලුවෙන් රාජකාරි කටයුතු කරගෙන යනවා. විශේෂම කාරණය තමයි විශේෂ අවශ්‍යතා සහිත ඔවුන් ද අනෙක් සාමාජික සාමාජිකාවන් මෙන්ම ආයතනයේ දියුණුවට දායකත්වය සැපයීම.

පිබිදුණු මිනිසුන් සමග ප්‍රබෝධවත් ගමනක යන බ්‍රැන්ඩික්ස් විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දී පිබිදුණු විසඳුම් ආයතනය තුළ ලබා දී තිබෙනවා. සංඥා භාෂා පුහුණුව ලැබූ සුපරීක්ෂකවරුන්, කළමනාකරුවන් ආයතනවල සේවයේ නිරත අතර සංඥා භාෂා පරිවර්තන කටයුතු සඳහා පුහුණු කරන ලද සාමාජික සාමාජිකාවන් ද බ්‍රැන්ඩික්ස් ආයතනවල සිටිනවා. ඒ වගේම සංඥා භාෂාව භාවිත කරන සාමාජික සාමාජිකාවන් සිටින බ්‍රැන්ඩික්ස් ආයතනවල ඔවුන්ට වීඩියෝ දුරකතන ඇමතුම් ලබා ගැනීමට නොමිලේ වයිෆයි පහසුකම් ද ලබා දී තිබෙනවා.

සංඥා භාෂාව භාවිත කරන ඔවුන්ට හඬක් වෙන්න ඔබත් හැකි නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *