සුරකිමු පුංචි මල් කැකුළු

මහ රෑට මොර දෙන ලේනියේ අසාපන්
පියාඹා ගොසින් අර උඩ අත්තේ වසාපන්
හීන් ඇස් යන්තමට බොර කරලා බලාපන්
ලෝකයක් මොර දෙනවා තව තවත් හඬාපන්

නිසල දිය බිහිසුණුයි මොහොතකට බලාපන්
පැන්න පසු ගොඩ එන්න අමාරුයි කියාපන්
මැරුවාට පොඩි එකා මොර දීලා හඬාපන්
ලෝකයක් දොස් කීවේ නුඹටමයි සිතාපන්

වැරදි උන් ජීවිතය වනසනවා කියාපන්
ලෝකයට හූ කියලා පණිවුඩේ තියාපන්
පොඩි උන්ව මරණ එක නවතන්න කියාපන්
ලේනියේ නුඹ ගිහින් මාරයව බලාපන්

ඉකි ගසා හඬන විට අම්මා ද සිතාපන්
නුඹ වගේ ඇගේ සිතත් මොර දෙනවා බලාපන්
ආගම ද ජාතිය ද නෑ අපේ කියාපන්
පුංචි මල් කැකුළු දැන් රැක ගන්න බලාපන්

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *