ආලෝකයේ උත්සවය දීපාවලි

හින්දු භක්තිකයන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව ඔවුන්ගේ නව වර්ෂය ආරම්භ වන්නේ දීපාවලි දිනයෙන්. දීපාවලි දිනයෙන් සංකේතවත් වන්නේ අන්ධකාරය දුරලා ආලෝකය කරා යාම පිළිබඳවයි. ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සඳහා අන්ධකාරයෙන් ආලෝකයට යන ගමන සමරන දීපාවලි දිනය හින්දු භක්තිකයන් අලුත් පහන් දල්වා ආලෝක පූජා පවත්වා සමරනු ලබනවා.

විවිධ සංස්කෘතික අංගයන්ගෙන් හැඩ වන දීපාවලි උත්සවය හින්දු භක්තිකයන්ගේ ආගමික උත්සව අතර ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නවා. දීපාවලි දිනය හා බැඳි මතයන් කිහිපයක්ම තිබෙනවා. ඔවුන්ටම ආවේණික වූ අංගයන්ගෙන් ද ආහාරවලින් ද කෝලම් රටා ආදියෙන් ද විචිත්‍රවත් වන දීපාවලි දිනය ලක්ෂ්මි දේවිය උපත ලැබූ දිනය ලෙසට මතයක් පවතිනවා. ඊට අමතරව තවත් මතයක් වන්නේ ජෛන ආගමේ නිර්මාතෘවරයා නිර්වාණ අවබෝධය ලැබූ දිනය දීපාවලි දිනය බවයි. විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නම් අසුරයා මරා දැමූ දිනය වන්නේ දීපාවලි දිනය බවටත් මතයක් තිබෙනවා.

දීපාවලි දිනය සම්බන්ධයෙන් විවිධ මත තිබුණ ද දීපාවලි දිනය හරහා මිනිස් ප්‍රජාවට දෙන පණිවුඩ කිහිපයක්ම තිබෙනවා. ජීවිතයට අලුත් ආරම්භයක් උදා වන දිනයක් ලෙස දීපාවලි දිනය හඳුන්වනවා. මීට අමතරව එකිනෙකා සමග බෙදාහදා ගැනීමේ ගුණාංගය, අයහපත දුරලා යහපත ජීවිතයට ළං කර ගැනීම වැනි ගුණාංගයන් ද දීපාවලි උත්සවය තුළින් ජීවිතයට එක් වෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *