නිමැවුමක විශිෂ්ටත්වය බ්‍රැන්ඩික්ස් ෆිනිෂින්

රටේ ආර්ථිකයට ශක්තියක් වන බ්‍රැන්ඩික්ස් සමූහයේ තවත් විශේෂ ආයතනයක් පිළිබඳවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහන තුළින් ඔබ හමුවට තොරතුරු ගෙන එන්නේ. ඒ බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනය ගැනයි.

සාමාජික සාමාජිකාවන් 240ක පිරිසක් ආයතනයේ රාජකාරියේ නියුතු අතර පැය 24ක සේවා මුරයකට අනුයුක්ත වෙමින් දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට අනුව පවත්වාගෙන යන මෙම ආයතනය ආරම්භ වුණේ 1993 වසරේදීයි. ව්‍යාපාර කටයුතු පුළුල් වීමත් සමග 2002දී බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනය ලෙස නාමකරණය වුණ මෙය බ්‍රැන්ඩික්ස් සමූහයේ වන එකම සේදුම් අංශය ද වෙනවා. නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රසූත්‍රවලින් සමන්විත ආයතනය තුළ සාම්පල් සේදීමේ අංශයක් වගේම පර්යේෂණ හා සංවර්ධන අංශයක් ද පවතිනවා.

2014, 2015 වසරවලදී රසදිය මංගල්‍යයේ නර්තන අංශයෙන් කුසලානය දිනා ගැනීමට ද බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනයට හැකි වුණා.

ඉහළ ගුණාත්මකභාවයක් සහිත නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දීම අරමුණු කරගත් බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනය දිනපතා ලෝකයට නව නිර්මාණයක් ලබා දීමට උත්සහ කරන ආයතනයක්.

මේ සියලු කටයුතු අතර අපජලය පිරිපහදු කිරීමේ කටයුතු ද ආයතනය තුළ සිදු කෙරෙනවා. පරිසරයට කවදත් ආදරය කරන බ්‍රැන්ඩික්ස් සමූහය හැකි සෑම ආකාරයකටම පරිසර හිතකාමී දේ කිරීමට කටයුතු කරනවා.