සාරධර්ම

සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන
රටට ශ්‍රමය කැප කර මව්බිම රකින
දහමට අනුව දිවි පෙවෙතක් ගත කරන
සෘද්ධි බලෙන් දෙවියනි රට රැකගන්න

මව්බිම අපේ දුසිරිතයට ඇද දමන
අවිගත් දනන් මිහිමත තැන තැන සිටින
පින් මඳ නිසා මිනිසුන් අද දුක් විඳින
රැක ගනු මැනවි සැම එක් වී ලක් දෙරණ

කළු ගල් වගේ ගත ශක්තිය ගෙන සිතට
ගංගා ගලන සේ එක් වී යමු පෙරට
මුළු පරපුරම එක ලෙස එක්සත් වන්ට
සැරසෙමු හෙට දිනයේ ලක් මව රැකගන්ට

මතට තිත තියා මතු පරපුර රකිමු
දිනකට හෙට දිනක් සරු දේ හුරු කරමු
ණය නැති රටක දරුවන් සේ ලොව දකිමු
කය සහ නුවණ වෙහෙසා අපි වැඩ කරමු

දළදා සමිඳු රැකවරණය ලැබෙන්නයි
රුව නොව අපේ සිතුවිලි යහපත් වන්නයි
වරදක් නැතිව නිර්භය ලෙස සිට ගන්නයි
නිරතුරු මගේ ලක් මෑණියෝ බබළන්නයි

ඩී. චන්ද්‍රිකා වාසනා
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *