දිට්ඨධම්මය

පරම පිවිතුරු ප්‍රේමයක් මම
ඉඳුල් හිතකින්
ඉඳුල් ගතකින්
සොයා පීරුවේ ලොව පුරා

හමු වුණා ඒ ප්‍රේමේ පින්බර
ඇය ද නෑඹුල් ප්‍රේම නොකරපු
යසට ගැළපේ
මට ද ගැළපේ

හාදු දෙන්නට මුව පොවන්නට
මට ද වැටහේ
ඇයට නොවැටහේ
ආදරේ ඒ සුවය පමණක්
ඇයට වැටහේ

ඉඳින් එතකොට
එහෙම වුණු එක
වැරද්දක් නෑ
ගැටලුවක් නෑ

රති සුව විඳ සිටි කාලෙදී
ඉගෙන ගත් දෑ
උගැන්වූ දෑ
බොහෝමයක් වේ සබඳ පිංවත

එහෙව් මගේ හදවතේ ඇති
හදට සබැඳුණු මතක හිරවුණු
අඬ ගසා කෑගසා පවසති
‘ඉඳුල් එකෙකුට කොයි ද නොඉඳුල්
හදවතට බැඳි මෙවන් පෙම් කවි’
ඒක පෙර පින
කුසල පෙර කල…

මතු වුණොත් දිට්ඨධම්මය?

රංගන වඩුගේ
බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් – රත්මලාන

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *