රත්මලාන අන්ධ විද්‍යාලයට බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රදානයක්

බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කොට ඒ සඳහා අත්‍යාවශ්‍ය පරිගණක උපාංග ලබා දීම සිදු කෙරුණා. අන්ධ විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යාපනයට දිරියක් වීම මෙහි අරමුණ වුණා. ඉතා චාම් උත්සව අවස්ථාවකින් මෙම පරිත්‍යාගය සංකේතවත් කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා, බ්‍රැන්ඩික්ස් අධ්‍යක්ෂක ඕමාර් සාදික් මහතා, ඩිජිටල් කටයුතු සම්බන්ධීකාරක ඕෂධ සේනානායක මහතා, ප්‍රජා සුබසාධන කටයුතු අංශ ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය, මානව සම්පත් නියෝජ්‍ය කළමණාකරණ හර්ෂ ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.