පිබිදෙන පුංචි සිත්වලට සෙනෙහසින්...

සාරධර්ම සමග විශිෂ්ට ගමනක් යන බ්‍රැන්ඩික්ස්, හෙට ලොව විශිෂ්ටයන් බිහි කිරීමට ආරම්භ කළ වැඩසටහන් අතරින් එකක් තමයි බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වැඩසටහන. මේ වැඩසටහනේ තවත් එක් පියවරක් තබන්නට බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය පසුගිය දා කටයුතු කළා.

බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නතාෂා බොරලැස්ස මහත්මිය ඇතුළු බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධානීන් මෙන්ම බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදයේ නිලධාරීන් රැසක් ද මෙම වැඩසටහනට සහභාගී වුණා. බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදයේ BLI 03 ආයතන පරිශ්‍රයේ අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.

මනුසත්කාර තිළිණ වැඩසටහන ආරම්භ වුණේ 2016 අවුරුද්දේදි. පසුගිය අවුරුද්ද වන විට 37,000කට අධික දරු පිරිසකගේ පාසල් අධ්‍යාපනයට සවියක් වෙන්න මනුසත්කාර තිළිණ වැඩසටහනට හැකි වුණා. මෙවර මනුසත්කාර තිළිණ වැඩසටහන යටතේ පොත්පත් ඇතුළු පාසල් උපකරණ කට්ටල දහස් ගණනක් අපේ දරු දැරියන්ට බෙදා දෙන්න අප මේ වන විටත් කටයුතු කර අවසන්. දැයේ නැණ පහන් දල්වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් පිදෙනා මේ තිළිණය රැගෙන දුර ගමනක් යන්නට ඒ පුංචි සිත්වලට හැකි වේවා යනු වියමන් අපේ පැතුමයි!

 

Facebook
Facebook