මිහිකත වැනි බර නිතරම දරන්නී
දියබිඳු වැනි සිසිලස නිති බෙදන්නී
නේක වර්ණ හැඩ රටාද මවන්නී
ලඳුන් කොතැන සිරිකත එහි වඩින්නී
ගැහැණු සිතට සම කරන්න දෙයක් නැතේ
ගත ලලිතව ඇතිමුත් එහි සවිය ඇතේ
තැලෙනා තැනකදි ඔපදැමූ මැණික් වගේ
දිලිසී තව තවත් බැබලෙයි කදිම ලෙසේ
ලොවක් තැනෙන්නේ ඇගෙ පිරි සෙනෙහෙන් ය
සිතක් නිවන්නට ඇය හරි උගතෙක් ය
නිවසට එළිය ගෙනෙනා මිණිපහනක් ය
ගුණ දම් පිරුන අඟනෝ ලොව බැබලූය
පිරි ධෛර්ය ලාලිත්‍යය තුළින් වසා
දහඩිය කඳුලු ඇත සෙනෙහස තුළින් මකා
කෙලෙස නිමවුනා නොදනී සොඳුරු ලියා
අගනා නිමවුමකි ඇය නම් ලොවේ සදා
පී.ඩී. පවිත්‍රා
රත්මලාන සෙන්ටර්