සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි..
ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි…
විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි…
සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි..

නේක විද මත්සයින් පිහිනද්දි රැස්වෙලා..
ජලපහරවල් අතරේ තිබුණෙ ලස්සන රටා..
පාට තිරුවාණ ගල්පර අස්සේ හැංගිලා
සොබාදහමේ අසිරි සිරි තවත් වැඩිකරා…

හරිත බව පිරීගිය මහා රුක්ගොමු ගොඩයි..
ඒ මැද්දේ සියතුන්ගෙ හඬ මිහිරි බව ගෙනෙයි..
තුරු වදුලු මල් පිපිලා සැණකෙළියෙ සිරි මවයි…
සමනලුන් මල් අතරේ පියඹද්දි තව හැඩයි…

වනන්තර එලිවෙලා ගම දනව් නැගීඑයි…
පරිසරයේ ලස්සනද ටිකෙන් ටික මැකී යයි..
එයින් අඩුවී යන්නේ මිනිස් ජීවය තමයි..
සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි…

කොන්ක්‍රීට් වනන්තර එළිපෙහෙළි කර දමමු..
ඉඩ තිබෙන හැමතැනම තුරුලතා සිරි මවමු..
ජීවයන් පිරී ගිය වනන්තර රැකගනිමු..
පරිසරය ලස්සනට තව තවත් හැඩකරමු….

පවිත්‍රා දුලාංජලී
බ්‍රැන්ඩික්ස් රත්මලාන සෙන්ටර්

Facebook
Facebook