සාරවත් අනාගතයක අස්වැන්න

සාරවත් අනාගතයකට මඟ කියන බ්‍රැන්ඩික්ස් කෘෂි සංග්‍රාමය වැඩසටහනේ සුවිශේෂී පියවරක් තියන්න බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයට හැකි වුණා. මින් පෙර බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේත්, අක්මීමණ ප්‍රාදේශීය සභාවේත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් සහය ඇතිව අක්මීමණ, වලහන්දූව ප්‍රදේශයේ ඉඩමක වගා කටයුතු ආරම්භ කළේ රට වෙනුවෙන් පීදෙන මනුසත්කාරය වන කෘෂි සංග්‍රාමය වැඩසටහන යටතේයි.

එහිදී වගා කළ මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, වැටකොළු, මිරිස්, පතෝල, බතල, ගහල වැනි සියල්ලෙහි අස්වනු නෙළීමේ මූලික අදියර සිදු කරන්න පසුගිය දා හැකි වුණා. කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ මෙහෙයවීමෙන් සිදු වූ මේ කෘෂි සංග්‍රාමය වැඩසටහනේ සාර්ථකත්වය ඒ සාරවත් අස්වැන්නෙන්ම දැකගත හැකි වුණා.

රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස අපේකමෙන් පිබිදෙන බ්‍රැන්ඩික්ස් ආරම්භ කළ කෘෂි සංග්‍රාමය වැඩසටහන යටතේ අපේම රටේ ජනතාවට සාරවත් අනාගතයකට මඟ කියන්නට බ්‍රැන්ඩික්ස් අපිට හැකි වුණා.

Facebook
Facebook