නුඹ ගියා වෙන්වෙලා...

පෙම් කළා හදවතින්
නුඹ මගේ වූ නිසා
නිමක් නැති ජීවිතේ
මෙතෙක් දුර පියනඟා
ගල් ගැසුණි හුන් තැනම
එක් දිනක් මා එදා
ඉමක් නොපෙනුණා වූ
කතරක අතරමංව
හිඳින්නට ඉඩ තියා
නුඹ ගියා වෙන්වෙලා
සිනහවන් ගිලිහුණා
කඳුළු මට ළං වුණා
අහිමි වුණ රුව ඔබේ
මට තවත් සිහිවෙනා…

සත්‍යා
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook