හදෙහි රැඳි නත්තල

සීනු රාවය දසත ඇසෙනා
කිතුණු බැතියෙන් එකමුතු වුණා
හිමවතින් රුක්ගොමු සැරසෙනා
නත්තලෙහි සිරි අසිරි මැවුණා

ළමා ලෝකය සිතැඟි පැතුවා
සීයා නත්තල් තෑගි බෙදුවා
පිනි මුවන් රථ පණගැන්වුණා
ලොව පුරා කිතු ගොස පැතිරුණා

ගව ලෙනෙහි උණුසුමට හිඳිනා
දෙව් මවගේ මුව සිනා පිරුණා
කිරි සිනා හඬ ලොවට ඇසුණා
ජේසු බිළිඳා එළිය දුටුවා

සත්‍යා
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook