සෙත් සුවයෙන් සැනසෙන මීරිගම

සෙත් පැතීමෙන් ලොවක් සුවපත් කළ හැකි බවත් මානසික සුවය අත් වන බවත් ඔයාලා දන්නවා. වැසි නොලැබීමෙන් ඇති වූ දුර්භික්ෂ බියත්, වසංගත පැතිරීමෙන් ඇති වූ රෝග බියත්, අමනුෂ්‍ය බියත් නිසා විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළා. ඉන්පසු තුන් බිය දුරු වී විශාලා මහනුවර වැසියන්ට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වුණා. එවන් වූ බලයක් පිරිතකට තියෙනවා, සෙත් පැතීමකට තියෙනවා.

බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය පසුගිය දා රටටත්, ආයතනයේ සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් සෙත් පතා පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් සංවිධානය කළා. රටට සශ්‍රීකත්වය උදා වේවා යන අරමුණත්, රටවාසී සියලු දෙනාට කායික හා මානසික සුවයත් පතා පැවති මේ පිංකම ආයතනයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණා.

පිංකමට සමගාමීව ඉතා අලංකාර පෙරහැරක් පවත්වන්නට ද බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය කටයුතු කළා. ආයතනයේ සාමාජික සාමාජිකාවන් ද සැදැහැ සිතින් යුතුව ඉතා උනන්දුවෙන් මේ පුණ්‍යකර්මයට සහභාගී වූ අතර කණ්ඩායම් හැඟීමෙන් යුතුව සියල්ලෝම වැඩ කිරීම නිසා සියලු කටයුතු හොඳින් සිදු කර ගන්න ද හැකි වුණා.

Facebook
Facebook