සැබෑ ආදරයක මිහිරියාව ‘අපි ආදරෙයි බ්‍රැන්ඩික්ස්’

ආදරය කියන්නේ මොකක්ද කියන එකට හරි නිර්වචනයක් දෙන්න අපිට අමාරු වුණත් එක එක විදියේ ආදර කතා අපිට දකින්න පුළුවන්. අපි ගෙදර අයට තියෙන ආදරේ, යාළුවන්ට දක්වන ආදරේ, අපේ සහකරු හෝ සහකාරියට තියෙන ආදරේ, සතුන්ට වගේම පරිසරයට තියෙන ආදරේ වගේ ආදර කතා ගොඩක් අතරේ රැකියාව කරන තැනට පවා අපි ආදරේ කරනවා. රැකියාව කරන තැන කියන්නේ ගෙදර තරම්ම අපිට සමීප තැනක්, සමීප හැඟීමක්. ඒ සමීප බව තවත් වැඩි කරමින් බ්‍රැන්ඩික්ස් රේඩියෝ කණ්ඩායම පහුගිය දවසක ගියා බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයට. ඒ ගියේ අපේ ආදරණීය සාමාජික සාමාජිකාවන්ට ‘අපි ආදරෙයි බ්‍රැන්ඩික්ස්’ වැඩසටහනත් අරගෙනයි.

මේ වැඩසටහන බ්‍රැන්ඩික්ස් රේඩියෝ කණ්ඩායමෙන් ලැබුණ මිහිරි තෑග්ගක්. ආදරයත් රැගෙන බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයට ගිය අපේ බ්‍රන්ඩික්ස් රේඩියෝවේ සගයෝ ටික විනෝදාස්වාදය පිරුණු සංගීතවත් දවසක් ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට ලබා දුන්නා. වැඩ කරන අතරේම සාමාජික සාමාජිකාවන් ප්‍රිය කරන ගීත අසන්නට අවස්ථාව දුන්නා වගේම ගීත ගායනා කරන්නත් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න බ්‍රැන්ඩික්ස් රේඩියෝ කණ්ඩායම අමතක කළේ නැහැ. ඒ වගේම තෑගි ලබා දීලා ඔවුන්ව ප්‍රබෝධයෙන් පුරවන්නත් රේඩියෝ කණ්ඩායම කටයුතු කළා.

නැටුමෙන්, ගැයුමෙන් විනෝද වෙන්න සංගීතයෙන් හැඩ ගැන්වුණ සැන්දෑවක් සාමාජික සාමාජිකාවන්ට තිළිණ කළ රේඩියෝ සගයන් සුන්දර මතක සටහන් තබමින් බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයෙන් නික්මුණේ ‘අපි ආදරෙයි බ්‍රැන්ඩික්ස්’ වැඩසටහන රැගෙන අනෙකුත් බ්‍රැන්ඩික්ස් ආයතනවල අපේම සාමාජික සාමාජිකාවන් සොයා යාමේ බලාපොරොත්තුව සිත දරාගෙනයි.

Facebook
Facebook