මහනුවර

පිනි කඳුළින් වැස්ස වසී
ගස්වල පිනි රටා මවයි
සුන්දර වූ උදෑසනට
අපූරු වෙල්යාය දිලෙයි

හිරු කුමරුත් එබී බලන
ලස්සන මල් කැකුළු දිලෙන
දිය උල්පත් හීන් සරින්
මහවැලි ළඳ පුරවන රඟ

දළදාවේ හේවිසි නද
නුවර පුරා රැව් දෙන හැම
ආදරෙයිනේ හැමදාමත්
මගෙ ගම වූ මහනුවරට

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook