ගැහැනිය මේ මහා පොළොව ද මන්දා

හිරු සඳු නැඟුනට නෑ කිසි වෙනසක්
ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්
ඒ හැම දේකදී ලබාන දිරියක්
හදවත කර ඇත සවිබල අවියක්

හිංසා පීඩා ඉවසා සැම විට
කඳුළු සලයි ඈ නොපෙනෙන විලසට
හැමගේ දුක් කඳ තියාන කරපිට
වැටි වැටි දුවනවා ලස්සන හෙටකට

ලැබුණත් ලෝකෙන් ගැරහුම් නින්දා
තනියම සැම දේ දරාන වින්දා
විටකදි නොසැලී ඉන්නම හින්දා
ගැහැනිය මේ මහා පොළොව ද මන්දා…

නිෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook