අපේකමෙන් පණ ලබන මනු දැය

මනුසත්කාරයෙන් පොහොසත් බ්‍රැන්ඩික්ස් සමූහය රුධිරය දන් දී අපේම ජනතාවගේ ජීවිතවලට ජීවයක් දෙන්නේ අවුරුදු ගණනාවක ඉඳලා බව ඔයාලා දන්නවා. රුධිරය දෙන්න දායක වෙනවා වගේම ලේ බැංකු අලුත්වැඩියා කර දී ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට ද බ්‍රැන්ඩික්ස් කටයුතු කරනවා. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර දෙන්නට පසුගිය දා බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කටුනායක ආයතනය කටයුතු කළා.

මීට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවට අදාළව සිදු විය යුතු කාර්යන් සිදු කෙරුණේ රෝහල් පරිශ්‍රයේම ස්ථාන කීපයකයි. ලේ බැංකුව අලුත්වැඩියා කිරීමේ කටයුතු නිසා දැන් එකම ස්ථානයකදී ලේ බැංකුවේ කටයුතු සිදු කරන්නට හැකි වීම රෝහල් කාර්ය මණ්ඩලයට වගේම ලේ දන් දීමට පැමිණෙන පුද්ගලයන්ට ද ඉතා පහසුවක්.

අලුත්වැඩියා කළ ලේ බැංකුව රෝහල් කාර්ය මණ්ඩලය වෙත නිල වශයෙන් භාර දීම බ්‍රැන්ඩික්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂ හසීබ් ඕමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා, ජාතික සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර මහතා ඇතුළු ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.

වසර 10ක් පුරා අඛණ්ඩව පෞද්ගලික අංශයේ වැඩිම රුධිර දායකයා ලෙස පිදුම් ලැබූ බ්‍රැන්ඩික්ස් සමූහය වාර්ෂිකව ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කරනවා. මේ වන විට දහස් ගණනකගේ ජීවිතවලට නව ජීවයක් දෙන්න කටයුතු කළ අපි ඉදිරියේදිත් මෙවන් ක්‍රියාවන් තුළින් මනු දැය පුබුදුවන්නට සූදානමින් ඉන්නවා.

Facebook
Facebook