හැඳි මිට නෙවෙයි පන්හිඳ අරගනින් දුවේ

පියාණනී නුඹ නැති බව දැනුණු විට
මටත් හොරෙන් කඳුළැලි එයි නෙතට
රැකවරණය නැති දා වැරදුණ දාට
තාමත් අඬනවා තාත්තේ මහ රෑට

තාත්තා වෙන්න මම පැතුමන් පැතුව භවේ
ඉමිහිරි සුවඳ නුඹේ උකුළත ලැබුව සුවේ
හැඳි මිට නෙවෙයි පන්හිඳ අරගනින් දුවේ
කියමින් නුඹයි මට කවිකම් ඉගැන්නුවේ

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook