නොලියමි නුඹට කවි

කොපුල් තල සිප රූරා වැටියන් සතුටු දිනවල අමුතු කඳුළූ
හිතට කියපන් අඳුරු දිනවල දරා ගන්නට පුරුදු අයුරූ
දින ගණන් ගත වී ගියත් අපි තාම පාවෙන මතක අහුරූ
කිසිම දවසක ආයේ නොපතන් සොඳුර අපි ගෙව් කාලේ දරුණූ

අලුත් පිටුවක් හැඩට ලියලා පටන් ගත්තම වසර සුබලූ
නැකත බලලයි උඹට ගත්තේ අදත් නොම්බරෙ බිසී වැඩිලූ
තැළෙන යකඩය රතෙන් රතු කර ආයේ හැදුවම ඔපේ වැඩිලූ
කමක් නෑ බං නුඹ නැතිව දැන් වසර තුනකුත් ගෙවී ගියෙලූ

පාන සුළඟක සිහිල අරගෙන හිතේ හංගන් ඉන්නේ නුඹලූ
ජයෙන් ජය කියා පැතුවට මගේ හිත දැන් ගොඩක් රළුලූ
මේ වසර තුළ නුඹට වද දෙන කවක්වත් මං ලියන් නෑලූ
අදින් පසු මං මගේ පාඩුවේ, ජය වේවා නුඹ මගේ පණලූ

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook