ඒක පුද්ගල ප්‍රේමය

මඟ බලා හිඳිමි මම
නුඹේ සිනා දකින්නට
දුරින් හිඳ බලමි මම
නොදැක ඉන්න බැරිකමට

දිනෙන් දින ළං වුණේ
නුඹේ සිතට මගේ සිතත්
නුඹ දන්නේ නෑ තවත්
නුඹට ආදරේ බවක්

නුඹව මට හිමි නැතත්
දන්නවා මගේ හිතත්
ආදරේ අන්ධ බව
දැනෙනවා තව තවත්

දිනේෂ් ප්‍රියංකර
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook