අනේ මන්දා හිත හුඟක් රිදිලා
දවස තිස්සේ ඇස් නුඹව හෙව්වා
හිත නිතර ඇහුවා
කඳුළු කැටත් දුකට පාර කිව්වා
පාළුවට හුරුවෙලා හිත
කඳුළින්ම මිරිකිලා නෙත
පාරන්නේ මේ තරම් හිත
නුඹේ මතක ගිනි අරන් ඇත
වස්තුවේ මේ තරම් දුක
ඇයි ද කියලා දන්නවා නුඹ
වරක් ඇවිදින් ළඟට
කියාපන් තව ආදරෙයි ද මට
තිවංක දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය