සුදු පිච්ච

නිසල දිය මතට වැටි
සුදු පිච්ච මල් මිටක්
රැලි නගා පිටු පෑව
දිය හරිම රළු කෙනෙක්
සුවඳ දී ලෝකයට
පර වෙන්න ළං වුණත්
සුදු පිච්ච ආස ඇති
බැබළෙන්න තව වරක්
රළු නොවී මොහොතකට
දුන්නා නම් දිය බිදක්
පරවෙන්න පෙරාතුව
හිනැහේවී තව ටිකක්
තුරු මුදුන් මත පිපී
බැබළෙන්න බැරි වුණත්
බිම වැටී පරවෙන්න
හොඳම නෑ මල් මිටක්
ඉසා දිය පැන් පොදක්
හැඩ කළොත් තව වරක්
ලෝකයට සුවඳ දෙයි
නොඉල්ලා කිසි දෙයක්

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook