සුරක්ෂිත වැඩ පරිසරයක සතුටෙන් පිබිදෙමු

රැකියාවක් කරන ඕනම කෙනෙක්ට සුරක්ෂිත වැඩ පරිසරයක් හිමි විය යුතුයි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරන ඔයාලා දන්නවා ඔයාලගේ සුරක්ෂිතතාව, යහපත් සෞඛ්‍යය වෙනුවෙන් ආයතනය මොන තරම් වැඩ කොටසක් ඔයාලා වෙනුවෙන් කරනවා ද කියන එක. ලෝක වෘත්තීය සෞඛ්‍යය සහ සුරක්ෂිතතා දිනය අද (අප්‍රේල් 28) දිනට යෙදිලා තියෙනවා.

ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක වැඩ කරන ඔයා ලොකු කැපවීමකින් වගේම වගකීමෙන් වැඩ කරන බව අපි දන්නවා. ඒත් ඉඳිකටු තුඩේ ඉඳලා විශාල යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරන්න වෙන ඔයාට අවදානමක් තියෙනවා. ඒක ඕනම කර්මාන්තශාලාවක රාජකාරි කරන කෙනෙක්ට පොදු දෙයක්. අවදානම ගැන අවධානයෙන් වැඩ කළොත් ඔයාට පුළුවන් සුරක්ෂිතව ඔයාගේ රාජකාරිය කරන්න. ගොඩක් වෙලාවට අනතුරු සිද්ධ වෙන්නෙ අපේම නොසැලකිලිමත්කම නිසා. එහෙම නැත්නම් අපේ දැනුවත්භාවය අඩු නිසා. වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් අපි ඔයාලට මාර්ගෝපදේශ ලබා දෙමින් ඔයාලාව දැනුවත් කරන්නේ ඔයාලාගේ ආරක්ෂාව අපේ වගකීමක් නිසයි.

ලෝකයක් ජය ගන්න පුළුවන් මට්ටමට ඔයාගේ දෑතින් වියමන් වන ඇඟලුම් නිෂ්පාදන ගුණාත්මකව නිමවන්න හැකියාව ඔයාට ලැබුණෙම හොඳ අවධානයකින් වැඩ කරන්න ඔයා දන්න නිසා. සුරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිතව රාජකාරි කරන්න අපි දෙන උපදෙස් හරියට පිළිපදින්නත් මතක තියාගන්න. ඒක ඔයා වෙනුවෙන් වගේම ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන් ඔයා ගන්න ආරක්ෂිත පියවරක්.

Facebook
Facebook