රස්නෙ හින්දා ඉන්න බැරි තැන
ගිහින් ඇහුවා ඉරෙන් මං අද
රවා බැලුවත් ඔහේ හිටගෙන
කීවේ නෑමයි හදේ ඇති දුක
රෑට සඳ ළඟ දැනෙන සිහිලස
විඳගනින් නුඹ ගොසින් අහකට
කියා කීවා ටිකක් දුරකට
ආව පසු මං ඉරෙන් අහකට
දෙපළු කරගෙන හදේ ඇති ඉඩ
සඳේ සිහිලස අපිට දෙන්නට
ඉවස ඉන්නවා බැණුම් සේරම
ඒ නිසාමයි නඩුව අහවර
පණම් කනකර තියා උගසට
සඳයි ගියෙ රෑ අපිව තනිකර
අමාවක දවස්වල වුව
ඉරයි තනිකර දුන්නේ සිහිලස
එහෙව් දවසක ආයේ එන්නට
මාසේ එක දවසක් දකින්නට
හිරුගෙ රැස් ළඟ දැවී යන්නට
ආසා කෙරුවෙමි ඒත් නැත ඉඩ
ඉද්ද මාලය සාලේ වටකර
හැඩට දිලුණම ඉතින් ගෙල වට
හිරුගෙ රස්නය තාම දැනෙනවා
ඒත් පාළුයි ගෙදර හැමතැන
සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය