මතු බුදු වන අම්මා

මුදු සුමුදු වදන් තුළ
මගෙ ලෝකෙ සැනැස්සූ
කප්පරක් දුක් දරන්
හැම හිතම හිනැස්සූ
උස්මහත් වනු බලන්
නුඹේ කඳුළු වැළැක්වූ
මහමෙරකි මගෙ අම්මේ
මගෙ හීන සැරැස්සූ

ඔක්සිජන් වුණා නම්
හද ගැබට පිරික්සූ
නුඹ තාම මගේ ළඟයි
මට පාර සැලැස්සූ
පියාගත් නෙත් කොනින්
මගෙ කඳුළු කැලැත්තූ
ඔබයි මගෙ ලෝකයම
මරුන් හට නොරිස්සූ

මැයි මාසේ එක් දිනක
හද ගැස්ම නැවැත්වූ
තුන් හිතම ගිනි තබා
සොහොන් කොත පිලිස්සූ
පින් කෙතකි නුඹ නමින්
මගෙ හිතේ දැහැන් වූ
මතු මතුත් බුදුවන්න
පතමි මං මහත් වූ

පී.ඩී. නිලන්ති ප්‍රියදර්ශනී
බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය

Facebook
Facebook