මිහිරිතම තනුව ඇය

සෙනෙහසක නාමයෙන්
වැලඳ ගෙන සිව් බඹය
තනන්නට නව ලොවක්
රක්ත ලෙය හරවා කිරට
සෙනෙහසට අරුතක් දී
මිහිරිතම සප්ත ස්වරයෙන්
කවියකට තනු ලියා
ඒ තනුවම ගීයක් කර
රඟමින් විවිධ ජවනිකා
ලබන්නට දිනක
නියත විවරණ
සෙනෙහස් උල්පතෙන්
රහසේම සැඟව යන
නිමක් නොපෙනෙන
සෙනෙහස් කැඩපතේ
සොඳුරුතම ප්‍රාතිහාර්ය
අම්මා

එම්.එන්. ශෂිකලා මධුමාලි
බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය

Facebook
Facebook