තිරසර හෙටක් වෙනුවෙන් Net Zero

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් තිරසර අනාගතයක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් ඉන්න බව බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජික සාමාජිකාවන් වුණ ඔයාලා දන්නවා. පරිසර දූෂණය එක්ක මේ මුළු මිහිතලයම ගැටලු රැසකට මුහුණ දීලා ඉන්න වෙලාවේ වගකීමක් සහිත ඇඟලුම් නිෂ්පාදන සමාගමක් විදියට අපි පරිසර දූෂණය අවම කරන්න දායක වෙන්න ඕන කියලා මීට අවුරුදු ගණනාවකට කලින් හිතුවා වගේම ඒ වෙනුවෙන් ගන්න පුළුවන් සාර්ථක පියවර කීපයක්ම ගන්නත් අපිට පුළුවන් වුණා. ඒ අනුව යමින් Net Zero වැඩපිළිවෙළ එහෙම නැත්නම් ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචනය කියන සංකල්පය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා තුළ ක්‍රියාවට නංවන්න අපිට හැකිවීමම විශාල ජයග්‍රහණයක්.

Net Zero කියන සංකල්පය සමග කාබන් විමෝචනය ශූන්‍ය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න බ්‍රැන්ඩික්ස් අපි කටයුතු කළා. මේකෙදි කරන්නේ හරිතාගාර වායූන් වායුගෝලයෙන් ඉවත් කිරීම මගින් හරිතාගාර වායු විමෝචනය සමතුලිත කිරීමක්. Net Zero කියන සංකල්පය යොදාගෙන දේශගුණ විපර්යස අවම කිරීමට සහය වීමෙන් වඩා තිරසර අනාගතයක් නිර්මාණය කිරීමට අපිට පුළුවන්. අපේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු කිරීමේදී පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්න අපි කටයුතු කළේ පොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට වන හානිය යම්තාක් දුරකට අවම කරගන්න ඒ තුළින් අපිට පුළුවන් වන නිසයි.

Net Zero සංකල්පය යොදාගෙන දේශගුණ විපර්යාස අවම කිරීමට සහය වීමෙන් වඩා තිරසර අනාගතයක් නිර්මාණය කිරීමට අපිට පුළුවන්. සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයට අමතරව අපගේ කර්මාන්තශාලාවලින් බැහැර වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරන්නත් අපි මේ වෙනකොට පියවර අරගෙන තිබෙනවා.

Net Zero සංකල්පයේ භාවිතයන් නිසා අපිට ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. ජල මූලාශ්‍ර සං‍රක්ෂණය, වඩා හොඳ ජල කළමනාකරණ භාවිතයන් ප්‍රවර්ධනය, ජල දූෂණය අවම කිරීම, අසාත්මිකතා සහ සෞඛ්‍ය ගැටලු අවම කිරීමට හැකි වීම, සෞඛ්‍යසම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා වීම වැනි ප්‍රතිලාභ රැසක් Net Zero සංකල්පයේ භාවිතයන් තුළින් අපට ළඟා කරගන්න පුළුවන්.

තිරසරභාවය තුළින් අනාගත පරම්පරා වෙනුවෙන් සෞඛ්‍යසම්පන්න, ඔරොත්තු දිය හැකි සහ ජීවත් විය හැකි ලොවක් නිර්මාණය කරන්නයි බ්‍රැන්ඩික්ස් අපි වෙහෙසෙන්නේ. තිරසර අනාගතයක් අපේ ඊළඟ පරම්පරාවලට උරුම කරලා දෙන මේ වැඩපිළිවෙළෙහි ඔයාල දැනටමත් කොටස්කාරයෝ. එන්න, අපි එකතුවෙලා වඩාත් ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න පෙළ ගැහෙමු.

Facebook
Facebook