මිහිමවයි ජීවයයි

පුතා: අම්මේ… අද ටීච ගෙදර වැඩ දුන්නා. කවි ටිකක් ලියන්න. අනේ මට තේරෙන්නේ නෑනේ. අම්මට මහන්සිත් ඇති.

අම්මා: මොනවා ගැන ද පුතේ කවි ලියන්න දුන්නේ?

පුතා: මිහිතලයට ආදරෙන්, හරිත තිරසර, කාබන්, පිවිතුරු වෙනසක්, හරිත පැහැයක්… මේ වචන ටික දාලා කවි තුන හතරක් ලියන්න උදව් කරන්නකෝ අම්මේ…

පිපාසාවන් සංසිඳෙන්නට මවා දී උල්පත් දියෙන්
කුස පිරෙන්නට තුරුලතාවන් ඵල දරයි නිති හිනැහෙමින්
පරිසරය හැකි තරම් රැකගෙන අනාගතයේ පණ රැකන්
කෙළෙහි ගුණ සලකලා ඉමු අපි “මිහිතලයටම ආදරෙන්”

තබන තබනා පියවරක් ළඟ වෙහෙස සැණෙකින් නිමකර
හුස්ම පෙනහලු පුරව ගත්තම දැනෙන සැනසුම සුවබර
දුඹුරු පාටට වැඩිය ලස්සන යමක් වේ නම් පැහැබර
රකිමු උපරිම වෙහෙස වී මගෙ පුතේ “හරිත තිරසර”

මහ පොළොව වගෙ දරාගන්නට හැකි වුණොත් දෙවියන්ගෙ නාමෙන්
පුතාටත් ඒ දාට වැටහෙයි බර ද කොතරම් අපේ හුස්මන්
රැක්ක හැටියට දේව බැතියෙන් සලකලා අපෙ මුතුන් මිත්තන්
පණ තියෙන මේ ගහකොළ ද අපි රකිමු පුතුනේ දුරලා “කාබන්”

ගහකොළත් මැලවිලා දහඩියෙන් තෙත්වෙලා
අහිංසක වනසතුන් පිපාසෙන් මත්වෙලා
වියළිච්ච මඟ දෙපස දුටුව නෙත් තෙත්වෙලා
නවතීවි වුණොත් ලොව “හරිත පැහැයක්” වෙලා

පුතා: අම්මා කොහොමද මෙච්චර දේවල් දන්නේ?

රතු පාට උරුම වුණු හදවතේ අයිනක්
අලුත් වෙනවා පුතේ ළඟදීම දවසක්
දසත ලෝකෙට බෙදන පිවිතුරුම වෙනසක්
ඇඟලුමක්? නෑ පුතේ බ්‍රැන්ඩික්ස්ම පවුරක්

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook