විඳගන්න පරිසරය

නිල් දිය කඩිති ළඟ හරි සිසිලසක් ඇත
ගස් වැල් පීරමින් නටනා මද නළ ද ඇත
දසතින් ඇසෙන කිචිබිචි හඬ නිමක් නැත
මොහොතක් ඉන්න ඇත්නම් ඉවසුමක් නැත

අම්මේ නොහැක මට නම් තව දුර යන්න
අව්වේ සැරය බැහැ මට ඉවසා ගන්න
මොහොතක් නැවතිලා සිසිලස විඳගන්න
සෙවණක් දෙන ගසක් ළඟපාතක නැද්ද

පැළයක් සිටුවලා පරිසරයට දෙන්න
ඒ ගස ලොකුවෙලා එහි ඵලයක් දැකගන්න
කුරුලු රංචු ඇවිදින් ඵල රස විඳින
දැනෙනා සතුට හැක ඔබ හට විඳගන්න

ඊ.ඒ.එස්.ආර්. රාජපක්ෂ

Facebook
Facebook