පුංචි කාලේ මගේ ලෝකයෙ
වීරයා කවුරුන් ද ඇහුවම
“තාත්තා” විතරමයි කියලා
කිව්වා මං පන්තියේ ටීචර්ට
ඉඳල හිටලා අනික් උන්ගේ
තාත්තලා ඉස්කෝලේ ආවට
මගෙ තාත්තා එන්නෙ කොහොමද
ඉන්නකොට වන්නියේ යුද්ධෙක
හිතේ නිදහස හින්දා වෙන්නැති
ඉඳහිටලා අඩියක් ගැහැව්වේ
හැබැයි නිතරම බීපු හින්දයි
අම්මා එක්කලා මමත් රැව්වේ
ටිකෙන් ටික ඔත්පළ වෙලා අද
ලෙඩ ඇඳේ රෑ දවල් ගෙව්වේ
ඔහොම හරි පණ ගහලා ඉන්නට
කොතරම් ද පෙති බේත් බිව්වේ
සෙනෙහෙ අඩුවක් නැතුව නම් ඇති
නොපෙනෙනා ඔය පිරිමි පපුවේ
මත් වෙච්ච තරමටම ඇත් රජු
වැහැරිලා සද්දන්ත කුලයේ
බදාගන්නට නොහැකි තරමට
හිස්තැනක් දැනුනොතින් ආයේ
හිතින් සක්මන් කරන් ඇවිදින්
තුරුල් වෙන්න ද මං තාත්තේ…
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය