හරිත පැහැයෙන් මැවෙන රටා

හරිත පැහැයක් ලොවට ගෙන දෙන
බිඟුන් මිහිරෙන් සතුන් රැක දෙන
අමිල සම්පත් දැයට පුද දෙන
සොබා මෑණිය මෙලොව වැජඹෙන

බිංදු බිංදු පොද පිනි කැට තුරු ලිය අග සැලෙනවා
ඩිංග ඩිංග මල් ඉති අග කුහුඹු රංචු දුවනවා
පුංචි පුංචි කුරුලු රංචු කිචි බිචි හඬ ඇසෙනා
පරිසරයේ අසිරි ගෙනෙන සොබා මෑණි දිලෙනා

උදාවෙන හිරු කන්ද මුදුනින් තනි මලක සේ පෙනෙනවා
පවන මදහස දැනෙන සිත් තුළ සැදැහැ සිසිලස බෙදනවා
තනිව හඬනා නිහඬ සිතුවිලි පවන සමගින් හමනා
සොබා දහමේ මිහිර ගෙනෙනා පරිසරය අද රැකෙනා

සිලි සිලි හඬ ගස් අතරින් සුළඟ සමගින් සැලෙනා
නිවි නිවී එන සොබාදම් රස මෙවන් දිනයක දැනෙනා
ඇළ දොළින් එන බිංදු පෙණ කැටි පරිසරයේ අද පෙනෙනා
මිනිස් ජීවයේ සුවය රකිනා පරිසරයේ අපි රකිනා

රංගිකා

Facebook
Facebook