බැඳීමක අවසානය

ළමයෝ, ඔයාට මතක ද ඔයා මේ ලෝකෙට ආව පළවෙනි දවස?

නෑ නේද? හැබැයි ඔයාගේ අම්මට නම් ඒ දවස හොඳට මතකයි. මොකද ඔයා මේ ලෝකෙ එළිය දකිනකම් හරි ආසාවෙන් දින ගණන් කර කර අම්මා බලන් හිටියේ ඔයාව දකින්න.

ඒ එළිය බලන්න ඔයා පින් කළා වගේම ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් ගොඩක් දුක් කරදර ඉවසපු නිසයි ඔයා මේ සුන්දර ලෝකේ දකින්න වාසනාවන්ත වුණේ.

එතැනින් ආරම්භ වෙන ඔයාගේ ජීවිතයට දම්වැලේ පුරුක් වගේ එක එක බැඳීම් එක්කාසු වෙනවා. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, නෑදෑයෝ මේ හැමෝම ඔයාගේ ජීවිතය පුරා එකතු වෙන්නේ කුහුඹු රෑනක්  එකට එකතු වෙනවා වගේ.

එතැනින් ඔයා නවතින්නේ නෑනේ.

එක එක නම්වලින් ඔයා හුඟක් බැඳිම් එකතු කරනවා.

ගුරුගෝල සම්බන්ධතා, යාළුවන්…මේ විදිහට  ඔයාගේ වටේ ගොඩක් අය ඉන්නවා.

තරුණ වයසට ආවම ඔයා ඔයාටම කියලා ගැළපෙන කෙනෙක් හොයාගන්නවානේ. නේද ළමයෝ?

අන්න එහෙම ඔයා ඔයාගේ ජිවිතේට බැඳීම් එකතු කරගන්නවා. ඒ එකතු කරන බැඳීම් හුඟක් වෙලාවට බොහෝ කල් තියෙන බැඳීම් වෙන්නේ අපි ඒ ඒ අයට ගරු කරන, ආදරේ කරන විදිහ අනුව.

කොහොම වුණත් මේ හැම බැඳීමක්ම අවසානයේ දුකක් කියලා අප ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

පංච ඉන්ද්‍රියන් පිනවමින් අපි මේ එකතු කරන බැඳීම්, මේ තාවකාලික නවාතැන්පලේ තියලා යන දවසට ඉතුරු වෙන්නේ දුක විතරයි ළමයෝ…

ඒක නිසා තව තව  බැඳීම් එකතු කරනවාට වඩා  තියෙන බැඳීම් ටික පරිස්සම් කරගෙන ජීවිතය රහට විඳින්න පුරුදු වෙන්න මගේ ළමයෝ…

මේ ඔයාගේ ආදරණීය හිතවතිය බුද්ධිකා කාරියවසම්

Facebook
Facebook