සකි සඳක පෙම් සුවඳ

සකි සඳක පෙම් සුවඳ
කරකාර දින ළඟය
නෙත් කඳුළු හැඟුම්බර
නෙත් කෙවෙනි රතු කෙරුව
අහිංසක හිතක පෙම
පූදිද්දි ටිකින් ටික
මිතුදමක සුව සොයන
හිත කීවේ ඉවසන්න
නොකීවට මෙයයි මෙය
හැමදේම දන්න නුඹ
ටික දිනක ඇයි ඔහොම
වෙනස් වුණේ ටිකෙන් ටික
අන්සතුව පිපුණ මල
කඩා පිදුවොත් පවක් වේවි ද
හිත් කොනක නැඟෙන දුක
ඒ තුළම සැනසේ ද
ලෝකයට අසම්මත
පෙම් නිසා දිවි රැකුණ
කීදෙනෙක් හිත් යටක
තියාගෙන විඳෙව්ව ද
එක හිතක නැඟුන පෙම
ලෝකයට අසම්මත
ඒ වචන ගොඩක් බර
හිත පෙළයි වරින් වර
සැනසෙන්න බුදුන් ළඟ
එක දිනක නෙළාගෙන
නුඹේ ඔය සුපෙම් මල
පුදන්න ද බුදුන් ළඟ

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook