සුරකිමු සුරැකෙමු

පණ නම් සමානයි ගහකොළ සතුන් පවා
රැක්කොත් රැකෙයි මිනිසුන්ටත් හුස්ම පොවා
සොබාදහම නැති කෙරුවොත් වදම දෙවා
විඳවුම් ලැබෙයි හැමගෙම ජීවිතේ දවා

දෙවියන් බුදුන් වැඩි සිරිලක පෙරදාක
මෙලෙසින් වුණොත් වැනසී යයි මතුදාක
නැතිවෙයි සිරිය විඳි සුවයත් යම්දාක
මියැදෙයි හුස්ම ගහකොළ නැතිදාක

ආර්. ගුනේෂා

Facebook
Facebook