ජීවයෙන් පිරි සොබාදම

ගස් වැල් මල් පිබිදී හිනැහෙනවා
ගංගා ඇළ දොළ ගලා බසිනවා
රෑන් රෑන් විහඟුන් ඉගිළෙනවා
සොබාදහම අප සැම සුරකිනවා

කුණු දමමින් අපිරිසිදු නොකරන්නේ
තැන තැන කුණු ගොඩවල් නොගසන්නේ
ගස් වැල් හැම තැන කපා නොදමිනේ
වන සම්පත අප රැකගත යුත්තේ

කඳු අතරින් ගංගා ගලා බසිනවා
පිනි බිඳු විසිරී සිරිය මවනවා
කඳු අතරින් හාවුන් දිව යනවා
පරිසරයම ජීවයෙන් පිරෙනවා

ආර්.කේ. වික්‍රමසිංහ

Facebook
Facebook