මතු මතුත් බුදුවන, ඔබයි මා ආදර අප්පච්චී

නොගැඹුරු පැහැදිලි දියක
පෙනෙන මෙන් ජායාව උවතේ
පැහැදිලිය එය මට
කිසිඳු අඩුවක් නොමැතිව

කරදඩු උස් මහත්ව
අප වැඩිහිටි උවද
තවම පොඩි දරුවන්
ඔබේ පාමුල තනිවෙන

ඇද හැලෙන ඇල්ලක
ගලා යන දිය දහරක
හමන මාරුතයක
පවා එන්නේ ඔබේ සුවඳය

නිහඩ නිසසලව
වින්ද දුක් සාගරය
මෙලොව දන්නේ ඔබ හැර
සක්වල දෙවිඳු පමණය

දරු දියුණුව පතන
මතු මතුත් බුදුවන
ඔබයි මා ආදර අප්පච්චී

ඩබ්ලිව්. එල්. එම්. දිල්ෂානි.
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ  ආයතනය

Facebook
Facebook