කවදා ද පියාගේ නාමය රජ වෙන්නේ

සිනාසෙන්නට අත්තටු දුන් අප්පච්චී
දුක් ඉහිලුව හිත ඒ හැටි නෑ නිච්චී
මනසින් කඩන් වැටෙනා විට දැවටෙච්චී
ලොවම එළිය කළ නාමය අප්පච්චී

හිරුට හොරෙන් ගෙදරින් ඔහු පිට වෙනවා
සඳුට පෙම් බඳින රෑ ගෙදරට එනවා
පපුවෙන් හඩන විට කඳුලැලි හැංගෙනවා
සංසාරේ කෙදිනක හරි බුදු වෙනවා

හිනැහී විදින සැප දෑත ඔහු හිනැහෙන්නේ
දරුවන් හඩන විට කිසිදා නෑ යන්නේ
පැරදී වැටෙන විට ශක්තියමයි දෙන්නේ
කවදා ද පියාගේ නාමය රජ වෙන්නේ

එස්. ඒ. හංසනී පියුමිකා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook
Facebook
Facebook