1.අධ්‍යාපන සිහින සැබෑ කරන ශිල්ප

සාර්ථක ජීවිතයක පදනම අධ්‍යාපනය. අධ්‍යාපනයේ වටිනාකම අදට වඩා අනාගතයේදී තවත් වැඩිවෙනවා. ඒ නිසයි බ්‍රැන්ඩික්ස් අපි ‘ශිල්ප’ නමින් වැඩසටහනක් 2018 වර්ෂයේදී ආරම්භ කලේ. බ්‍රැන්ඩික්ස් පියසට එක්වූ, විවිධ දුෂ්කරතා නිසා අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා දමා තිබූ සාමාජික සාමාජිකාවන්ට නැවත අධ්‍යාපනය සඳහා පිවිසෙන්නට ඉඩක් විවරකර දීම ‘ශිල්ප’ වැඩසටහන ඔස්සේ සිදු වෙනවා. ඒ තුළින් වෘත්තීය සුදුසුකම් සපුරාගෙන උපාධියක් කරා යාමට පවා ඔවුන්ට හැකියාව තිබෙනවා.

එම ‘ශිල්ප’ වැඩසටහනේ තවත් අදියරක් සාර්ථකව අවසන් කල පිරිසකට සහතිකපත් ප්‍රදානය බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේදී පැවැත්වුණා. බ්‍රැන්ඩික්ස් ආයතන 6ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 284 දෙනෙකු එහිදී NVQ අබිසෙස් ලැබුවා.

‘ශිල්ප’ තුළින් අභිෂේක ලැබූ ඔබ සැමට පිබිදෙන හෙට දවසක ප්‍රබෝධයෙන් විකසිත වන්නට වියමන් ටීවී අපගෙන් ශුභාශිිංසන!

2.ඒකල ඇසළ සව් දන්සල

උතුම් ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් ඒකල ආයතනය බෞද්ධ ආගමික වැඩසටහන් කිහිපයකම නිරතවූ අතර ආයතන පරිශ්‍රයේදී සව් කංජි දන්සැලක්ද සූදානම් කර තිබුණා. ඒ ආයතනයේ ගබඩා අංශ සාමාජිකයන් විසින්.

මේ එහි දසුන් කිහිපයක්.

3.මාසික පොළ

බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රඹුක්කන ආයතනය සෑම මසකම අපූරු වැඩසටහනක් සංවිධාන කරනවා. ගෙදර දොරට වුවමනා කරන දේවල් තමයි මෙහිදී මිලදී ගන්න වෙන්නේ. ආයතනයේ හැමෝම වගේ මාසිකව මේ පොලට එකතු වෙනවා. Brandix රඹුක්කන ආයතනයේ ජූලි මාසික පොළ වියමන් ටීවී කැමරාවේ මේ විදිහට සටහන් වුණා.

4.බ්‍රැන්ඩික්ස් ඒකල වොලිබෝල් තරඟාවලිය

බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයාර් ඒකල ආයතනයේ අන්තර් දෙපාර්තමේන්තු වොලිබෝල් තරඟාවලිය පසුගියදා පැවැත්වුණා. ඒ ආයතනික වොලිබෝල් ක්‍රීඩාපිටියේදී. එහිදී ආයතනයේ සෑම දෙපාර්තමේන්තුවක්ම පාහේ තරඟාවලිය නියෝජනය කලා. තියුණු තරඟාවලියකින් අනතුරුව product development අංශය ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වුනා.

Facebook
Facebook