1.වසරේ කාන්තා හිතැති සේවා ස්ථානය ලෙස බ්‍රැන්ඩික්ස් දෙවන වරටත් පිදුම් ලබයි

කාන්තා හිතැති සේවාස්ථාන ඇගයීම සඳහා  සංවිධාන කල Women Friendly Workplace Awards 2023  පසුගියදා පැවැත්වුණා .එහිදී බ්‍රැන්ඩික්ස්  වසරේ වඩාත් කැපී පෙනෙන කාන්තා හිතැති සේවා ස්ථානය  ලෙස  නොකඩවා දෙවන වරටත් ඇගයීමට ලක්වුණා.

අප මේ සම්මානය දිනා ගනු ලැබූවේ, සමානාත්මතාවය සහ විවිධත්වයෙන් යුතු වැඩ බිමක් නිර්මාණය කිරීමේ අපගේ ගමන්මගේ තවත් එක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

2.බ්‍රැන්ඩික්ස් තිරසර නායකත්වය ප්ලැටිනම් සම්මානයෙන් ඇගයේ

2023 වසරේ  CIOB තිරසාර නායකත්ව සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා .එහිදී බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබුවා.

හරිත  පිරුණු හෙටක් නිර්මාණය කිරීම සඳහා තිරසාරත්වය සහ නායකත්වය සඳහා බ්‍රැන්ඩික්ස් අපගේ කැපවීම  බාහිර සමාජයේ ප්‍රශංසනීය බව මේ තුලින්  පෙන්නුම් කෙරෙනවා.

3.කොග්ගල සවියට මිලක් වැඩසටහන

Unilever ආයතනය සමග එක්ව පසුගියදා බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේදී අපූරු  සංගීතමය වැඩසටහනක් සහ වට්ටම් සහිත භාණ්ඩ අලෙවියක් පැවැත්වුණා .

එහිදී භාණ්ඩ මිලදී ගත් ආයතනයේ සාමාජික සාමාජිකාවන්  අතරෙන් වාසනාවන්තයකු තෝරාගෙන රන් කරාබු යුගලයක් තිලිණ කෙරුණා.

4.බ්‍රැන්ඩික්ස් සීතාවක ගී තරු අභිශේකය

ජූලි මස ආරම්භයත් සමග අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස්  ආයතනය නිර්මාණාත්මක වැඩකට මුල පිරුවා. ගායන කුසලතාවයෙන් යුතු  තම සාමාජිකයින් හට  අවස්තාවක් ලබා දීම අරමුණු කරමින් බ්‍රැන්ඩික්ස් සීතාවක ගී තරු අභිශේකය  ආරම්භ කලා.

ඒ අනුව පළමු වටය ජූලි මාසයේ 20 වන දින තරගකරුවන් 50 දෙනෙකු කරට කර තරග වැදුනා. විශාරද ජෙරල්ඩ් හේමන්ත මහතාගේ විනිශ්චයෙන් දෙවන වටයට තරගකරුවන් 20 දෙනෙකු ඉන් තෝරාගනු ලැබුවා.පසුව ජූලි 27 වන දින මේ 20 දෙන දෙවනවටයේ තරග කළ අතර විශාරද ජෙරල්ඩ් හේමන්ත මහතාගේ විනිශ්චයෙන් අවසාන තරගයට සාමාජිකයින් 4 ක් දෙනෙක් තෝරා ගනු ලැබුවා.ඒ අනුව අවසාන මහා තරගය අගෝස්තු මස 3 වන දින මීගොඩ රේඩියන්ස් සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා.

Facebook
Facebook