වැඩිහිටියෙක් වෙන එක ලේසියි ද? අමාරුයි ද?

ගොඩක් අයට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි ‘අනේ මං චූටි ළමයෙක් වෙලාම හිටියා නං, එහෙනං ඉතිං මේ ප්‍රශ්න කරදර මුකුත් නෑනෙ අප්පා’ කියලා. පුංචි ළමයෙක් වෙලා ඉන්න එකට වඩා යමක් කමක් තේරෙන වැඩිහිටියෙක් වෙලා ඉන්න එක අමාරුයි කියලා ඔයාටත් හිතෙනවද? ඉතිං ඇත්තටම ඒක අමාරුයිද?

ඔව්, අමාරුයි!

ඔයාට ඔයාම වෙන්නත් ඕනි, ඒත් එහෙම වෙන්න ඕනිත් නැති වෙලාවල් එනවා. බය වෙච්ච වෙලාවල් වලත්, ලෝකෙට පේන්න හරි නිර්භීතව, ශක්තිමත්ව ඉන්න වෙනවා. ලෝකෙට ඔයා පෙන්නන්නෙ මොන හැඟීම්ද, ඔයා ලෝකෙන් හංගලා තියාගන්නෙ මොන හැඟීම්ද කියලා ඔයාට තීරණේ කරන්න වෙනවා. හුඟක් වෙලාවට කාගෙන්වත් උදව්වක් බලාපොරොත්තු නොවී, ඔයාටම තනියෙන් තීරණ ගන්න වෙනවා. ඔයා හුඟක් වෙහෙසෙනවා, හිතිනුයි ගතිනුයි දෙකෙන්ම. ඔයා ප්‍රාර්ථනා කරනවා ඔයා ළමයෙක් වෙලා හිටිය කාලෙට යන්න තියෙනවා නං කියලා. ඔයා දන්නවා ඔයාට නිදහසට හේතු කියන්න බෑ කියලා. ඔයා ලස්සනයි කියලා හිතන් හිටිය ගොඩක් දේවල් වල ඇත්ත සොබාවය ඔයා දකිනවා. ඔයාට කොච්චර වේදනාවක් ඇති උනත් සමහර වෙලාවල් වල නිශ්ශබ්දව ඉන්න වෙනවා.

ඒත්, වැඩිහිටියෙක් වෙන එක ඔය කිව්වා තරම් අමාරුයි ද?

නෑ, වැඩිහිටියෙක් වෙන එක ලේසියි අනේ!

ඔයාට ඕනි දේවල් මොනවද, නැති දේවල් මොනවද කියලා ඔයා හරියටම දන්නවා, ඔයා මිනිස්සුන්ගෙ මූණු වලින් විතරක් නෙවෙයි, එයාලා ඇත්තටම හිතෙන් මොන වගේද කියලත් දන්නවා. ඔයාගෙ අත්දැකීම් වලින්ම ඔයා දන්නවා ඔයාට වෙන දේවල් වලට ඔයා ප්‍රතිචාරයක් දෙන්න ඕනි විදිය. ඔයා දන්නවා ඔයාගෙ හිතේ සාමය තමයි ඔයාට වැඩියෙන්ම වටින්නෙ කියලා. ඇත්තටම ඔයාගෙ සතුට රැඳිලා තියෙන්නෙ මොනවගෙද කියලා ඔයා දන්නවා. ඔයා ගැන අනික් මිනිස්සු මොනවද හිතන්නෙ කියන එක ගැන ඔයා හිතන්න යන්නෑ. ඔයා හිතුවට වඩා ඔයා ගොඩක් ශක්තිමත්, නිර්භීත කෙනෙක් කියලා ඔයා දන්නවා. ඔයාගෙ ජීවිතේ තියාගන්න ඕනි අය, ඕනි දේවලුත්, එහෙම නැති අයත්, දේවලුත් ඔයා දන්නවා. ඔයා විනිශ්චය නොකර හුඟක් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔයාගෙ වගකීම්, දුර්වලකම්, ශක්තීන්, පුළුවන් දේවල්, බැරි දේවල් ඔයා දන්නවා. ඔයාව පාලනය කරගන්න ඔයා දන්නවා, වයස කියන දෙයින් පරිණතකම ගැන කියන්නෑ කියලා ඔයා දන්නවා. ඔයා ඔයාව සුවපත් කරගන්න දන්නවා. ඔයාට ඔයා ගැනත්, ලෝකෙ ගැනත් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා ඔයා දන්නවා. ඔයා සර්ව සම්පූර්ණ වෙන්න ඕනි නැති බව ඔයාට තේරෙනවා, කවුරු හිටියත් නැතත්, තනියම උනත් ජීවිතේ ජීවත් වෙන්නෙ, ජීවත් කරවන්නෙ, ජීවිතේ ගෙනියන්නෙ කොහොමද කියලා ඔයා දන්නවා.

ඉතිං ඔයාට දැනුත් හිතෙනවද වැඩිහිටියෙක් වෙන එක අමාරුයි කියලා?

Facebook
Facebook