ප්‍රේමය අහසක් විය යුතුය

“ප්‍රේමය සමානයි අහසට”
ඒ ඇයි දන්නවද…?
වහින්න ප්‍රථම
වළාකුළු කොතරම් බර වුණත්
අහස අත් නොහැර අල්ලන් සිටියා,
උදෑසන පායන ඉර
සවස මැකිලා යන දිහා
දුකින් උනත් අහස බලා හිඳියා,
කළුවර වැටීගෙන එනකොට
හඳත් එක්ක අහස හිනා වෙන්න ගත්තා.
නමුත්…
හඳ නොපෑයූ අමාවකදා වලත්
අහස ඒ තනිකම දරාගෙන
තරුත් එක්ක ඒ තනිකම බෙදා ගත්තා.
හඳත් තරුත් නැති දවස්
නොතිබුණාම නොවේ.
නමුත් මේ හැම අවස්ථාවකම
අහස කඩන් නොවැටී තනිකම දරා ගත්තා.
ඉර හඳ තරු එක්ක කවදාවත් තරහ නොවී
ඒ ප්‍රේමය රැක්කා.
ඉතින් අපිත්…
එක් වීමක් අවසානයේ වෙන් වීමක් ඇති බව
තේරුම් ගන්න ඕනෙ.
ඒ හැම අවස්ථාවක්ම දරා ගන්න ඕනෙ…
හරියට “අහස” වගේ..
ඉතින්,
අහස කියන්නෙත් දරා ගැනීම උගන්වන
ප්‍රේමයේම කොටසක්…

අයික්ශා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook