1. කියවන්න දිරි දෙන්න බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල නව පුස්තකාලයක් අරඹයි.

අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ දී නව පුස්තකාලයක් ස්ථාපිත කෙරුණා. ඒ පසුගිය සැප්තැම්බර් නව වනදා. එය විවෘත කළේ ආයතනික සාමාන්‍යාධිකාරීවරයා විසින්. මේ අවස්ථාවට එම ආයතනයේ විධායක නිලධාරීන්, සේවක සුබසාධක සමිනියේ සභාපති හා ලේකම්වරයා ද එක්ව සිටියා. ළමා කතා පොත්, පරිවර්තන කෘති, කෙටි කතා, නවකතා, ආගමික කෘති, සාහිත්‍ය කෘති ආදි පොත් වර්ග ගණනාවක් මේ පුස්තකාලයට ඇතුළත්. පුස්තකාලය, සනියේ දිනවල අඟහරුවාදා හා සිකුරාදා දින දෙකේ පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වාඑය  විවෘතව තැබෙනවා.

2. බ්‍රැන්ඩික්ස් මීරිගම 2 ලේ දන්දීමේ පිංකම

මීරිගම බ්‍රැන්ඩික්ස් 2 ආයතනය මගින් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වනදා පැවැත්වුණා. එදින උදෑසන 9 සිට සවස 3 දක්වා එම ආයතන පරිශ්‍රයේ දී එම වැඩසටහන සාර්ථකව පැවැත්වුණු අතර එහි දී, 103 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරනු ලැබුවා. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙන පරිත්‍යාග කරනු ලැබුවා.

3. කොග්ගල තවත් පේස් කණ්ඩායමක් විසිර යයි.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සෑම ශාඛාවකම ක්‍රියාත්මක වන P.A.C.E. වැඩසටහන පිළිබඳව අපේ සාමාජික සාමාජිකාවන් තුළ ඇත්තේ මහත් උනන්දුවක්. වෘත්තීය ජීවිතය සහ පුද්ගලික ජීවිතය සමබරව පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැනයි P.A.C.E. වැඩසටහන හරහා කතා කරන්නෙ. බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සතියක කාලයක් P.A.C.E. වැඩසටහන සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා වුණා. ඒ එම ආයතනයේ P.A.C.E. වැඩසටහන සාර්ථකව අවසන් කළ දෙවන කණ්ඩායමයි.

4. රඹුක්කන රන්දරු අභිසෙස්

දැයේ දූ පුතුනට ඔවුන්ගේ අනාගත අධ්‍යාපන සිහින යථාර්ථයක් කර ගන්නට බ්‍රැන්ඩික්ස් සෙනෙහසින් පුදන ශිෂ්‍යත්ව වැඩසටහන, රන්දරු අභිසෙස් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය විසින් පවත්වනු ලැබුවා. එහි දී, රඹුක්කන අශෝක මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව ජය ගත් විශිෂ්ටයකු අගයනු ලැබුවා. ඒ සදහා රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු ආයතනික නිලධාරීන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

Facebook
Facebook