ආදර මතක

වළා පෙළ පලා ගොස්
අහස් කුස තනි වෙලා
සලා පියපත් කුරුලො
ඔච්චමට හැඩ වෙලා
තලා මුළු සිතම මගෙ
ඔබ වෙනත ගොස් බලා
මුකුලිතව මල් කැකුළු
අතු අතර සැඟවිලා
හඬන නෙතු අග කඳුළු
ඇස් කොණින් ගිලිහිලා
හිරුට පෙම් බැන්ද සඳු
කළුවරේ තනිවෙලා
නුවන් නුඹෙ නුවන් දෙස
බැලූ මම තනි වෙලා
සඳත් නෑ තරුත් නෑ
මගෙ ලෝකෙ කළු වෙලා!!!

P. දිනූජා නිල්මිණි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook