අම්මා…

නෙක නෙක රිදුමන්
වත පුරා හසකැනින් සඟවාගෙන
මා දෑත නුඹ දෑතින්…
මා ගත නුඹ අතරින්
ගිලිහෙන්නට නොදී…

උපදින්නට පළමුවෙන්
සෙනෙහෙ දියෙන් දෝවනය කළ…
මගේ දයාබර අම්මේ…
නුඹ ගතේ ඇති රුහිරු සාරය
මා කුස පිරවූයේ
නුඹ සෙනෙහෙ සමඟය…

දිවා රෑ දා බිඳු, තවරගෙන
මා සුවය සෙවූ නුඹ…
සිනිඳු සියුමැලි නුඹගෙ රන් රුව
මා නිසා රළුව වියැකී ගියත්
වැඩෙන මදෙස බලමින්
සිතින් තුටුවිය කඳුළු අතරින්…

ජීවිතයේ අවසන් කඩයිම
අභියසදී…
දෙපා නමැද දිවුරන්නම්
නුඹ නාමය සදාකල් රකින්නෙම්,
මගේ රත්තරං අම්මේ…

පත්මිණී ගමගේ
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook