අප්පච්චී...

පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලී
දුවන පොඩි උන් පේනවා
හිමින් සීරුවේ ළඟට ගනිමින්
සුදු දෝණි මගෙ කියනවා
ආයෙ කම්මුල් ඉඹිනවා

ඉස්කෝලෙ ළඟ පංති යන තැන
පිය සෙනේ මට පේනවා
හිටිය නම් නුඹ අනේ මං ළඟ
ඒ සෙනෙහෙ මට ලැබෙනවා
සැකක් නෑ මං දන්නවා

නුඹේ මතකය හිතේ ගුලි කර
නිතර මං එය විඳිනවා
සිහිනයෙන් නුණ පෙනෙන හැමදා
නෙතේ කඳුළක් උනනවා
තාත්තේ මට ඇඬෙනවා…

ලෝකයේ හැම උතුම් පියවරු
පවුල  පණ මෙන් රකිනවා
එලෙස දකිනා වරක් ගාණේ
මැවි මැවී නුඹ පේනවා
අනේ! ලෝබත් හිතෙනවා…

කොහේ හෝ මල් පිරුණු පාරක
ඉන්න වග මං දන්නවා
ආදරෙන් නුඹ නෙත් අයාගෙන
නුඹේ දෝණිව රකිනවා
අප්පච්චි, මට දැනෙනවා…

හිරුණි නවෝද්‍යා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook