1.අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් විශිෂ්ටයන්ගේ අභිෂේකය

අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ විශිෂ්ටයන්ගේ අභිෂේකය නමින් අපූරු වැඩසටහනක් සැප්තැම්බර් හත් වෙනිදා පැවැත්වුණා. එදින ජූලි හා අගෝස්තු මාසයන් වල වැඩිම කාර්ය සාධන දත්ත අගයන් වාර්තා කරන ලද සේවකයින් ඇගයීම ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එම අවස්ථාවට ආයතනික කළමනාකාරීත්වය මෙන්ම විධායක නිලධාරීන් හා ආයතනයේම සියලුම සාමාජිකයින් සහභාගී වුණා. පළමුවෙන්ම බ්‍රැන්ඩික්ස් ගීතය වාදනයත් සමගම ආයතනික ජ්‍යෙෂ්ඨ මානව සම්පත් හා පරිපාන කළමනාකාරතුමන් විසින් සාමාජිකයන් අමතනු ලැබුවා. ඉන් අනතුරුව ආයතනික කළමනාකාරීත්වය ආයතනයේ ජූලි හා අගෝස්තු මාසවල කාර්ය සාධන දත්ත ඉදිරිපත් කරමින් සාමාජිකයින්ට විශේෂ පණිවුඩද ලබා දුන්නා. පසුව සාමාජිකයින්ගේ ගැටලු සෘජුවම කළමණාකාරීත්වය වෙත යොමු කිරීමේ අවස්ථාවක් ලබා දුන් අතර එම ගැටලු වලට එහිදීම පිළිතුරු ලබා දුන්නා. අනතුරුව ජූලි හා අගෝස්තු මාස සඳහා සෑම අංශයකම විශිෂ්ටයින් අභිෂේක ගැන්වුණා. අවසානයේ මෙම මාස දෙකෙහි හොඳම නිෂ්පාදන අංශ කණ්ඩායම් ද අගයනු ලැබුවා.

2.රීජන් වන් වූ බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල 01 ආයතනය දැන් හඳුන්වන්නේ වෙනත් නමකින්. ‘රීජන් වන්’ නම් ලද බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ කළමණාකාරීත්වය නව වෙනස නවමු ආකාරයකින්ම සාමාජික සාමාජිකාවන්ට හඳුන්වා දුන්නා. ‘ලෑතර ස්ටෝර්ස්’ නමින් අපූරු නාටකයක් රඟ දක්වමින් නව ආයතනික හැඳින්වීමේ නාමයේ වෙනස් වීම ආයතනික සාමාජිකයින්ට පැහැදිලි කළා. මෙම නාටකය රඟ දැක්වූයේ ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් වන මාධව කළුආරච්චි මහතා හා රොහාන් විජේතුංග මහතායි. කලින් පර්ෂද ලෙස වෙන් කොට, බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් අවිස්සාවේල්ල ලෙස හැඳින්වූ නමට රීජන් වන් බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ලෙස වෙනස් වූ හැටි හා ඒ නමින් එහි සාමාජිකයින්ට ඇමතීමට ද මෙහි දී අපූරුවට රඟ දක්වමින් ඔවුන් කටයුතු කළා. මේ විදිහට තමා අවිස්සාවේල්ල නාමය රීජන් වන් අවිස්සාවේල්ල කියලා වෙනස් වුණ එක සාමාජිකයින් දැනගත්තේ.

3.කොග්ගල සමාජ දැනුවත් වැඩසටහන

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය දැනුවත් බවින් පිරි සමාජයක් වෙනුවෙන් වැදගත් වැඩසටහනක් සංවිධාන කළ ආකාරයක් දක්නට ලැබුණා. ඒ අනුව පසුගියදා ළමා හා කාන්තා හිංසනය වැළැක්විම සහ සමාජයේ තවත් පොදු ප්‍රශ්න පිළිබඳව තම සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඊට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, වරුණි බෝගහවත්ත මහත්මිය සම්පත් දායිකාවක ලෙස සම්බන්ධ කර ගෙන තිබුණා.

4.මානව සම්පත් දිනය වෙනුවෙන් බැංකු පහසුකම් ලද කොග්ගල සාමාජිකයන්

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය අද දකුණු ලකේ අභිමානනීය සේවා ස්ථානයක්. ඒ අභිමානයේ කොටස්කරුවන් වන්නේ එහි අසමසම මානව සම්පතයි. බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය මානව සම්පත් මාසය වෙනුවෙන් අපූරු වැඩ කොටසක් සම්පූර්ණ කළා. ඒ තම සාමාජිකයන් වෙනුවෙන් බැංකු පහසුකම් වැඩිදියුණු කිරීමයි. ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව යන රාජ්‍ය බැංකු පහසුකම ද, එන්. ඩි. බී. බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන පෞද්ගලික බැංකු පහසුවද තම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ළඟා කර දුන්නා.

5.සවියට මිලක්

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය සවියට මිලක් නමින් අපූරු වැඩසටහනක් සෑම මාසයකම සංවිධානය කරනවා. ගෙදර දොරට වුවමනා කරන දේවල් තමයි මෙහිදී සාමාජිකයන්ට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ආයතනයේ හැමෝම වගේ මාසිකව මේ පොළට එකතු වෙනවා. බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ අගෝස්තු මාසික පොළ වියමන් ටීවී කැමරාවේ මේ විදිහට සටහන් වුණා.

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය සෑම මසකම සැම සිත් පින් පෙරදැරිව සංවිධාන කරන බෝධි පූජාමය පින්කම නිකිණි මාසය වෙනුවෙන් පසුගියදා පැවැත්වුවා. නිකිණි මාසයට අදාළ බෝධි වන්දනාමය වැඩසටහන සංවිධානය කළේ එම ආයතනයේ නිකිණි මාසයට  එම ආයතනයේ කණ්ඩායම් අංක 25 සහ සහ 27 සාමාජික සාමාජිකාවන් විසින්. ආයතනයේ සියලු දෙනාට සහ රටවැසියන්ට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම එහි අරමුණයි.

මෙම තොරතුරත් වියමන් ටීවී වෙත වාර්තා වන්නේ බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයෙන්මයි. එම ආයතනයේ ආයතනයේ ආයතනික ඇසුරුම් අංශයේ අදහසකට අනුව ආයතනයේ ඇසුරුම් අංශයේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කොට ඉවතලන කඩදාසි ආයතනයේ සාමාජිකයින්ගේ දුවා දරුවන්ගේ පාසල් කටයුතු සඳහා භාවිතා කිරීමට ලබාදීමක් පසුගියදා සිදුකෙරුණා.

Facebook
Facebook