විරාමය

නමට ලියවුණු හැඟුම් මිදුණම අපිට අපිවත් නැති වෙනවා
තනිය තනි මැකුමටම ආවම පන්හිඳෙන් කවි ලියවෙනවා
නුඹට කැප කළ මගේ ආලය කාලයේ වැලි තැවරෙනවා
මටම නොදැනිම මගේ පණ නුඹ එකට ඇවිදින් ගෙනියනවා…

සිහින මියැදුණ මගේ නැව තුළ මා තනිව ගමනක් යනවා
සඳක් පෑයූ අහස නුඹවන් නමුත් කළුවර කෙඳිරෙනවා
ඇඳේ කොන නුඹ ඇයිද නොමැතිද සැඟව ගිය හැටි විමසනවා
වදන් නොමැතිව මගේ මුව අග කඳුළු තැවරී විසිරෙනවා

විරාමය මට හුදකලාවක රහට කහටක් පිබිදෙනවා
හකුරු නැතිවද කහට රහ මට හුරුව නුහුරුව හඟවනවා
බලා හිඳුමත් සෝ සුසුම් මැද නුඹේ මතකය සිහි වෙනවා
නුඹට හොඳ නම් මගේ කව මම තනිව කියවා සැනසෙනවා…

නුරා…
(නුරාන් ප්‍රනාන්දු)
බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනය

Facebook
Facebook